Thursday, December 23, 2010

සුබ නත්තලක්!

සුබ නත්තලක්! නත්තල් ගස් හදාගෙන  ආසාවෙන් මොහොතක් උදාවෙනකං ඉන්න මිනිස්සුන්ටත්, එහෙම ඉන්න බැරුව දුක් වෙන මිනිස්සුන්ටත්, ඒකට ආසාවක් නැති මිනිස්සුන්ටත්, ආගම් බෙදිලා නත්තල් කොටසට අයත් නොවෙච්ච මිනිස්සුන්ටත්!

මොබයිල් ලව්

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
යමරෙට කොටන විදුලි
නිසා අපි ඈත් වෙලා. . .

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
එහා මෙහා යන අම්මා
නිසා අපි ඈත් වෙලා. . .

Monday, December 13, 2010

කෙලින් වනු පිණිස!

ගූගල් එකෙන් ෆොටෝ කෑල්ලක් හොයාගෙන, ඒක එඩිට් කරලා උගේ නම ගහගත්තට පස්සේ ඒක ෆේස්බුක් දාලා පනහක් විතර ටැග් කරගන්නවා. ඊට පස්සේ ඒ පනහෙන් පහක් විතර කමෙන්ට් කලාම තමයි මුන්ගේ මස් කෑල්ල කෙලින් වෙන්නේ, අනේ හුකේ!

Nice one aiya :)

maxxxxxxxxxxxxxxxxxaa bro.

Thanks for tagging aiya..

oh this is nice lolz

Sunday, December 12, 2010

හූපූ සහ වේපූ

මේ ජාතිය කියලා එකක් අටවගෙන ඉන්න හුත්තිගේ පුතාලටයි වේසිගේ පුතාලටයි ඕන වෙලා තියෙන්නේ, උන්ගේ ජාතිය ඇතුලේ මේ අර්බුද ටික බෙදාගන්න. ඒ කියන්නේ උන් ජාතිද්‍රෝහියෝ. අඩුතරමේ තනි ජාතියක් විදියට බෙදාගන්න සැපක් වත් තිබ්බානම් උන් සාධාරනයි. ඒත් මේ ලබ්බේ කොයි කාටත් බෙදාගන්න තියෙන්නේ අර්බුදම විතරයි. බඩු මිල ඉහල යාම, මැර බිය සහ ආපහු බඩු මිල ඉහල යාම. මුන් මහ පජාත ජාතිද්‍රෝහියෝ!

Monday, December 6, 2010

මගේ මල

ඈ මගේ මලයි
අත වැනුවේ ඌටයි
ඇහැ ගැහුවේ මූටයි
හිමිකාරයා අරූයි!

Tuesday, November 30, 2010

යන සොඳුරිය

සුවඳ රැගෙන යන සොඳුරිය
නොපෙනී යව යනෙන ලෙසක
ඔබට පෙම්ව බැඳි හදවත
රිදුම් දෙතියි සැකයකි මට!

Monday, November 29, 2010

ඒක හරිම පුදුම සංසිද්ධියක්!

ඒක හරිම පුදුම සංසිද්ධියක්!
නින්ද නොයන්න හේතු දෙකයි
එකක් නිදාගෙන ඉඳ ඇහැරීම
අනික හිත ව්‍යාකූල වීම.

මේකේ පුදුමේ කියන්නේ
මේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!
ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්න
වෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!

ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා!

Thursday, November 25, 2010

ආදර ගැලපුම්

රැයක්දත් නොපෙනුන
ජනෙලුත් වසා
රෙදිත් දැමුන
රැයක
ඉරනම් කෙසේ
කොහේ කොහොම
වෙත්දැයි
ගලපමි. . .


විය හැකි දේ බොහෝමුත්
විය හැක්කේ එයින් එකකි
විය යුත්තේ එකකි. . .

Thursday, November 18, 2010

සුඛං අනාගත්!

මේ අපේ රටයි. . .
හෙන ගැහුනු රටයි
හොරි කඩ කඩ
විඳවමු ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා... ශ්‍රී ලංකා. ..


සුඛං අනාගත්!

Sunday, November 14, 2010

1/100

අනේ අවතැන් වෙච්ච ලක්ෂ දෙක
බොලාට දීපු කෝටි දෙකත් අරං
අපි යමුද?
මාගම් වරායට
බලන්න. . .
මොණරටත් කෙලවපු උන්දෑ
කෝටි දෙකේ මොණරෙක්
ගහන් එන යාත්තරාව
පිළිගන්න හැටි බලන්න. . .

Saturday, November 13, 2010

තොල් දෙක

අපේ කතාවට කොටු දාලා
උඹ තොල් දෙක ලඟට කරා
මට මොහොතකට අමතක උනා මාත්
මැරෙන මිනිහෙක් කියලා!

Monday, November 8, 2010

සිහිනය

විහඟුන් පියඹා ගිය
සොඳුරු සිහිනයේ
ඔබ අහලකවත්
නොසිටි අතර

සුනාමිය එන දෙස බලා
තනිව වෙරලේ මා
සිටි සිහිනයේ
අප අත් පැටලී තිබුනේය. . .

Friday, November 5, 2010

Lions And Kangaroos

නිමිත්ත: "We are proud of our lions", "Amazing Cricket! We just burnt down Kangaroos.. Well done Lions!", "You make LIONS Proud on Kanga'Land ..!!"

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාව හමුවේ විශාල ජයක් ලබා ඇති අතර, මේ දෙරටේම ක්‍රීඩකයන් සිය ප්‍රේක්ෂකයන් ඉදිරියේ මහත් පරාජයක් ලබා ඇත. මසිත පවතින දෙගිඩියාව වන්නේ "දිනන කල උන් සිංහයෝ වීමයි". අම්මපා මෙහෙව් දිනනකොටනේ "ටීම් එකේ උන්ගේ අම්මලා සිංහයෝ හොයාගෙන කැලේට ගියා" වගේ නරක, කුජීත, පල්, නසරානි ආරන්චි මුන් පතුරවන්නේ. ඕස්ට්‍රේලියා ටීම් එකේ උන්ගේ අම්මලා කැන්ගරුවන් සොයාගෙන කැලේට යන්නටද ඇත.

*මෙහි මුන් කියා හඳුන්වන්නේ ශ්‍රීලංකා කණ්ඩායම හයේ හතරේ ඒවා ගහන කලට මෙන්ම විකට් දෙක තුනක් ගන්න කලටද උඩ පැන්න පිරිසෙන් අතලොස්සක් ගැනය. ඒ අතලොස්ස ඉහත නිමිත්ත ලබාදුන්නෝය.

Tuesday, November 2, 2010

අකූරු ඔබ දෙස බලා සිටියි

මගේ දිලෙන
කවි පොත් ගොඩේ
සුදිලෙයි කලු කවරයක්
උණයි සතුටු කඳුලක් දෙකක්
තැම්පත් කලෙමි
ආසම ගුත්තිලයටත් උඩින්

ඩෝසන්, ලියනගේ අමරකීර්තිද
සර්පයා නම් සමන් කුමාරද
සමර වගේම පුෂ්පා නැන්දත්
සචී ලසිත සහෝදරකමත්
සන්ජී අක්කත් මූනමල්පෙත්
තවත් ලොකු නම් ගොඩකුත්
එක්ක මම වීම් අතර මැද්දෙන්

මම මගේ අකුරු
කල හිතිවිල්ල දෙස
නැවත බැලීමි.
සිංහ රැල මැද
මේ හාවද මස් කමින් සිටියි. . .

Sunday, October 31, 2010

රිදී රේඛාව


අඳුරු වළාවන්

අප හට

ප්‍රේමයේ ගුලි ගැහීමට

ඉඩ ලබාදුන් අතර

එකම රිදී රේඛාව

එයට

බාධාවක් විය!

Friday, October 22, 2010

ඉස්සර

ඉස්සර
තනි රකින්න දෙන්නෙක් හිටියා. . .
දෙන්නෙක් ඉන්දලත් මම තනි උනා. . .
ටික දොහකින් උඹත් මාත් විතරක්
තනි වුනා. . .
එදා මට
ආපහු තනියක් නැති උනා. ..

Monday, October 18, 2010

නැහෙන නැහිල්ලක්!

සික්ස් පැක් නැත්තං
කන්ටෙස්ට් කරන්න බෑ
කෙල්ලේ මං අමාරුවෙන් බොඩි එක හැදුවේ
නුඹේ හිත ගන්න ටැටූ එකකුත් ගැහුවේ
ඩ්‍රැගන් ද? බටර්ෆ්ලයි ද?
කෙල්ලේ ඔයාට ඕනේ!

හුත්තක් වෙනුවෙන් නැහෙන නැහිල්ලක්!

Monday, October 11, 2010

යනවද පටි බැඳගෙන

වෙව්ලන සීතල කලුවර
ගිනියං වැස්සේ
අඬගහනවා කලු පටි බඳින්න
අපිට පුක දෙන්න වෙයිද?
වෙඩි කන්න වෙයිද?
උඹ
පුක දීපන් චන්ද්‍රසෝම!

Friday, October 8, 2010

නැගිටිය යුතුය

හිසක ගසාගත් දකුණතකි
මහපටැඟිල්ලෙන් කුඩා මොළය උත්තේජනය වෙයි
වමත දරාගත් සෙලියුලර් ෆෝනයකි
නිරුවත වැසූ සරමේ රැළි
විදුලි පවන් සමග දඟ කරයි. ..

සිතුවෙමි. . .
තව තවද සිතුවෙමි. . .
එක පෙලට සිදුවන වැටීම්

බීමෙන් පලක් නැත
නැගිටිය යුතුය
කෙසේ හෝ නැගිටිය යුතුය
තණ පතේ හෝ එල්ලිය යුතුය. . .


මැරෙන්නට තවත් කල් ඇත
ඉන් මද වේලාවක් නැගිටින්නට යොමු කරමි.

Wednesday, October 6, 2010

වඳින්න කැළණි විහාරේ

සුදු ඇඳලා
බිම බලාගෙන
මල් අතේ අරං

සුදු හැට්ටේ අත් කපලා
හොරැහින් උඩ බලන්
මල් පෙති කොනහා කොනහා

උපාසිකාවෝ පෝලිමක්
කැලැණි විහාරේ

හැන්ගෙමු

අපි හැන්ගෙමු
මොකෙක්වත් නො එන
තැනක

කතා කරමු
අපේ අහින්සක
අනාගතේ ගැන

අනිත් උන් හිතාවි
මම උඹේ
තොල කනවැයි කියලා

ඩ්‍රැයිවර් මහත්තයා!

හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා
යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා
තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා
හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා

Sunday, September 12, 2010

විභාග බිය

ඇඳක් උඩ දපා, බත් පිඟානක් දෙකක් ගිල දමා, සේකර කියවා, මලක් කඩා අතිශය මනෝ ලොවක සිටීමත් ඉතාමත් මහන්සියක් සිරුරට ගෙන දෙයි. ඒ හෙටත් කරගසන්නට සිදුවන අනුන් හදන ප්‍රශ්න වලට හොරාට උත්තර හෙවීම සිහිපත් වූ පසුය. කොපි කරන්නත් විෂය දත යුතු ලොවක අනුන් හදන ප්‍රශ්න විසඳන්නේ කෙසේද හදිසියේ, මා අතැතිවද මිටියක් ප්‍රශ්න ඇති කල.

Saturday, June 26, 2010

පාහර කල්ලිය

එකෙක් හැදුවා කල්ලියක්. හොයාගත්තා තුවක්කුවක් දෙකක්. මෙන්න හොයපි විමුක්තිය! හැම විරුද්ධ මතයක්ම මරා දදා. කට්ටිය ඌට වඳිනවලු. ඌ චේ වගේලු. චේට කොහෙන්ද යකෝ එහෙව් වස්තුව. වැරදි පාරේ හරියට ගිය බුද්ධිමත් කමක් නැති උගත් පාහර බල්ලා. වද විඳලා මැරුනේ ඌ හොඳ වෙලාවට. මගේ මාමට වෙඩි තියපු පාහර පට්ට වේසිගේ පුතාට අනින්න කියලා පොඩි මම හොයාගත්තු පිහිය තාමත් මගේ ලඟ!

Friday, May 14, 2010

සහයෝගීතාවය

කට්ටියක් එක්ව ත්‍රස්තවාදය තුරන් කල අතර, තවත් පිරිසක් එය විකුණූහ. ඒ අතර විකුණූ දෙය මිලට ගෙන තව පිරිසක් උස් තැන් වලට පත්වූ අතර ඒ සතුට නිසා මහත් පිරිසක් කිරිබත් උයන ලද අතර ඒ කිරිබත් අතිමහත් පිරිසක් රස කර කෑහ. සසිරිබර මෙසිරිලකේ එය සහයෝගීතාවය නමින් හඳුන්වයි!

Sunday, April 25, 2010

මමයි ලොක්කා

1990 දි
මම මේ පාරට ආවා. . .
ගෙවල් පහක් තිබ්බා

2000 වෙනකන්
සමහරු ගියා
සමහරු ආවා
ආගිය උං මට ආදරේ කලා
ඒ පවුල් වල පොඩිහිටියෝ
මගෙත් එක්ක සෙල්ලං කලා. . .

2004 සාපෙ ලිව්වා
පාරට ගෙවල් දහතුනයි දැන්
මමයි පාරේ ලොක්කා
දැන් පොඩි බච්චෝ සෙල්ලං කරනහැටි
බලං ඉන්නවා

පාරේ කොනට වෙන්න
තට්ටු තුනේ ගෙයක් හදලා
පෙරේදයි දැක්කේ
මම ලොක්කනේ

තාමත් අපේ පැත්තට කියන්නේ
"අලුත් ගෙවල් පහ"
ඒත් අද මම ලොක්කා

ප්‍රශ්න

මූසල උදයක්
වැස්සක් එනෝ නෝඑනෝ. . .
ගෑණිත් ලඟක නැති
ප්‍රශ්ණ කඳු පිරිච්ච
ඔළු කට්ට. . .
මේසෙට තියාගෙන
කල්පනා කරේ
උත්තරයක් ලියාගන්න අමාරු
ප්‍රශ්න කඳු
ඉවර වෙච්ච
ගෑණිත් එක්ක නිදහසේ
ඉන්න පුලුවන්
මතුදා කවදාද?

Monday, April 19, 2010

සඳුදා

පාළුය. . .
නින්දත් යයි. .
සැමදා මෙන් සැමවෙලේම බඩගින්නද ඇත.
හිත් හිරිවැටී ඇත්දෝයි හැඟේ. .

සීයා කෙනෙකුට අසාධ්‍යය
හිතවත් ආගන්තුකයා.. . ...... ...ලියාගන්නට දෙයක් නොමැත
මට හෙට විභාගයකි. . .
මැරියන් එක්ක කතාවකටවත් වෙලාවක් නැත.
අතිජාතයෙකු බයිසිකලෙන් වැටී ඉස්පිරිතාලේය.

රෑ දහයට පාඩම් කරමි
ආගා ජංගමය ක්‍රියා විරහිත කරය.
මැරියන්ද මා අමතන තෙක් බලාහිඳිනවා විය හැක.
සඳුදා පට්ට මොන්ගල් දවසකි!

Monday, April 12, 2010

ලස්සන කෝලං අඹය

ජනපතිවරණ සහ මහමැතිවරණ කටේ රටම ලස්සන කරන්න දඟලති.

පලාත් සභා සහ ප්‍රාදේශීය සභා අතලඟ වනවිට ඒ ඒ පැති ලස්සන කරන්න දඟලති.

අන්තිමේ ලස්සන කරගන්න බැරි කල මොඩ් කරති.මොඩ් කල බව රටටම කියති.

එයත්, නියපොතු අස්සේ කුණු වහන්න කියුටෙක්ස් ගෑම වැනිය.

කෙටියෙන් කීමට උවමනා වූයේ, මා දැනට ජීවත් වන කොළඹ ලස්සන කරන හැටිය.

රැල් රැල් භූතයින් මෙන් පෙනෙන කොඩි වැල්, දත් විලිස්සාගත්, ගැඹුරු චින්තනයක සිටින, ලෝකේ දිනෝලා පස්සේ රට දිනවන්න ආපු හැමෝගෙම පෝස්ටර්, දැන්වීම් පුවරුවේ ඇරෙන්න අනිත් හැම තැනම ඇලවෙන ෆිල්ම් පෝස්ටර්, දිනුවට පස්සේ ස්තුතියට ගහන පෝස්ටර්, පැරදුනත් අමතක නොකරන පෝස්ටර් යනාදී මෙකී නොකී හැම හත්ඉලව් පෝස්ටරයක් සහ කටවුටයක්ම ඉවත් උනානං කොළඹේ හැඩය කියා නිමකල නොහැක.

ලස්සන කෙසේ වෙතත් කොළඹ එළු රැළගේ අධිපෝෂණ තත්වය ගැණවත් සලකා බලා මෙය ක්‍රියාත්මක කරන මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලමි.

තවද අදාල බළධාරීන් සිංහල යුනිකේත ගැණ නොදන්න බැවින්, දන්නා අයෙකු පැහැදිලි කර දෙන මෙන්ද ඉල්ලමි.

Saturday, April 10, 2010

පෙට්ටි කඩ

ටොරිංටන් හෝල්ට් එක ඉස්සරහා පැත්තේ ඇතුලට යන පාරේ තියෙන පෙට්ටි කඩ දෙකේම කෑම මරු.වැලි තලප, අග්ගලා, හැලප ඕන එකක්.මම හැමදාම හවසට කාලා කහට එකක් බොනවා.

එහෙමත් නැත්තං බ්‍රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා,බගතලේ පාර පැත්තට වෙන්න තියෙනවා තවත් පෙට්ටි කඩයක්.ඒකේ ඉඳිආප්ප මුල්, කඩල එහෙමත් මරු!

නැත්තං බම්බලපිටියේ ක්වීන්ස් කැෆේ එක ගාව බත් පැකට් තියෙනවා මාර රහයි! දවල්ට වගේම උදේටත්!

හැබැයි විහාරමහාදේවි පාක් එක ලඟින් නං මොකුත් ගන්න එපා පෙට්ටි කඩ වලින්! හරිම පරණයි කෑම!

තවත් දැනගන්න නං,මම වගේම පෙට්ටි කඩ ලෝලියෝ වන ආගන්තුකයා හෝ මගේ මරණය සම්බන්ධ කරගන්න.