Tuesday, August 19, 2014

සමාවේ ආතල්

එයා ඔයාට ආදරේ කරනකං එයා ඔයාට සමාව දේවි.  සමාව දෙන එක නැවැත්තුවම ආදරේ ඉවරයි කියල තේරුං ගන්න ඕන. එතන ඉඳන් කරන වැරදි ටික වැරදි නෙමෙයි. ඒවා ආතල්. හැබැයි ඔය කොයි ආතල් එකටත් වඩා සමාව ලැබුනම හිතට දැණෙන ආතල් එක වැඩියි. ඒ නිසා තමයි ආදරේ කියන දේ ලෝකෙ ලොකුම ආතල් එක වෙන්නෙ. ඒ ආතල් එක වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන නැහැ. ඒ ආදරේ වෙනුවෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන. සමාව නොලැබෙන දවස්(ප්‍රැක්ටිස්) ගොඩකට පස්සෙ ඒ ආතල් එක ලැබේවි. මැරෙනකංම ලැබේවි. මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනව. ඒ මැරෙනකංම ප්‍රැක්ටිස් කරන්න වෙන ජීවිතත් මේ ලෝකෙ තියෙන විත්තියයි.

-රචින්ත ජයවර්ධන‍