Friday, September 30, 2011

ඕහ්.. කවි


යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙන
දයානුකම්පිත සාර සොබාවේ අග තැන
මඩැති වගුරක වුව පෙම් මදිරා පුරවන
බොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට?

හුප්පලවන්නා


පර්ම් ටින්ට් කර කේසය කොට කරනා
ළැම පුම්බා වටොරට සැප පුරවන්නා
තුරඟ ලතා තාලෙට සොක පුලවන්නා
අරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා?