Showing posts with label කයන්න වියන්න. Show all posts
Showing posts with label කයන්න වියන්න. Show all posts

Tuesday, November 2, 2010

අකූරු ඔබ දෙස බලා සිටියි

මගේ දිලෙන
කවි පොත් ගොඩේ
සුදිලෙයි කලු කවරයක්
උණයි සතුටු කඳුලක් දෙකක්
තැම්පත් කලෙමි
ආසම ගුත්තිලයටත් උඩින්

ඩෝසන්, ලියනගේ අමරකීර්තිද
සර්පයා නම් සමන් කුමාරද
සමර වගේම පුෂ්පා නැන්දත්
සචී ලසිත සහෝදරකමත්
සන්ජී අක්කත් මූනමල්පෙත්
තවත් ලොකු නම් ගොඩකුත්
එක්ක මම වීම් අතර මැද්දෙන්

මම මගේ අකුරු
කල හිතිවිල්ල දෙස
නැවත බැලීමි.
සිංහ රැල මැද
මේ හාවද මස් කමින් සිටියි. . .