Showing posts with label ඔයත් එක්ක. Show all posts
Showing posts with label ඔයත් එක්ක. Show all posts

Sunday, February 13, 2011

වැළා

අනිත් දවස් තුන්සිය හැට හතරෙම
වෙඩින් නටන අපි
අද විතරක් අහක බලං
වැළන්ටයින් එක්ක ගේමට

Sunday, January 30, 2011

Thursday, January 13, 2011

සාපේක්ෂ මහමෙර

එය මට මහමෙරක් නොවන මුත් මට එය ඊටත් වටී ඔබට එය මහමෙරක් නිසා. ඔබ මෙය විසඳීමට තතනයි. වැරදි උත්තර ගනියි. ඔලුවේ අතගසා ගමි. ලෙහෙසියි. මට එය වටින්නේ ඔබ නිසා. ඔබෙන් නිසා. ඔබට නිසා. නැතහොත් එය මට ගිණිය යුත්තක් නොවේ. ඔබ නිසාවෙන්ම මම එයින් ආහ්ලාදයට පත්වෙමි.

ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.

අහ්... ලබන වසරේ සිට උ/පෙ විභාග ප්‍රශ්න සාපේක්ෂව ලෙහෙසි කරන්නැයි අදාල ඇමති නියෝගයක්! හෙහ්... උටත් මේකම හිතිලා.

පෙරදින රැය

අහෝ...
පෙරදින රැයේ
ඔබත් සමග මැවූ සිහින
ඵලදරවන්නට ඇත්නම්...

කිටිකිටියේ
වැලඳගන්නට
ඒ උණුසුමෙන් පහරක් ගසමු එක්ව
මේ ගිනි සීතලට

නමුත් සොඳුර
ඔබ ලකුණු තනමින් සිටී..
ගෙවැසියන්ද නොසෙල්වේ
මා සීතලේ වීඩියෝ පහස ලබමි...

අහෝ
වීඩියෝවට වඩා
පෙරදින රැය
කෙතරම් සුන්දරද...?

Thursday, December 23, 2010

මොබයිල් ලව්

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
යමරෙට කොටන විදුලි
නිසා අපි ඈත් වෙලා. . .

අපේ ගිණුමේ ශේෂෙත් තිබිලා
අපිට වියදම් කරන්න වෙලාවත් තිබිලා
Phone එකේ බැටරි නොබැහැත් තිබිලා
එහා මෙහා යන අම්මා
නිසා අපි ඈත් වෙලා. . .

Monday, November 29, 2010

ඒක හරිම පුදුම සංසිද්ධියක්!

ඒක හරිම පුදුම සංසිද්ධියක්!
නින්ද නොයන්න හේතු දෙකයි
එකක් නිදාගෙන ඉඳ ඇහැරීම
අනික හිත ව්‍යාකූල වීම.

මේකේ පුදුමේ කියන්නේ
මේ අවස්ථාවේ ඒ ව්‍යාකූලත්වය පාලනය කරන්නේ ඈ වීමයි!
ඒකත් හරියට මගේ ගෙදර දොර අරින්න
වෙනින් කෙනෙක් එනකන් ඉන්නවා වගේ වැඩක්!

ඒකටත් හෙට උදේ වෙනකන් ඉන්න වෙනවා!

Saturday, November 13, 2010

තොල් දෙක

අපේ කතාවට කොටු දාලා
උඹ තොල් දෙක ලඟට කරා
මට මොහොතකට අමතක උනා මාත්
මැරෙන මිනිහෙක් කියලා!

Monday, November 8, 2010

සිහිනය

විහඟුන් පියඹා ගිය
සොඳුරු සිහිනයේ
ඔබ අහලකවත්
නොසිටි අතර

සුනාමිය එන දෙස බලා
තනිව වෙරලේ මා
සිටි සිහිනයේ
අප අත් පැටලී තිබුනේය. . .

Sunday, October 31, 2010

රිදී රේඛාව


අඳුරු වළාවන්

අප හට

ප්‍රේමයේ ගුලි ගැහීමට

ඉඩ ලබාදුන් අතර

එකම රිදී රේඛාව

එයට

බාධාවක් විය!

Friday, October 22, 2010

ඉස්සර

ඉස්සර
තනි රකින්න දෙන්නෙක් හිටියා. . .
දෙන්නෙක් ඉන්දලත් මම තනි උනා. . .
ටික දොහකින් උඹත් මාත් විතරක්
තනි වුනා. . .
එදා මට
ආපහු තනියක් නැති උනා. ..

Wednesday, October 6, 2010

හැන්ගෙමු

අපි හැන්ගෙමු
මොකෙක්වත් නො එන
තැනක

කතා කරමු
අපේ අහින්සක
අනාගතේ ගැන

අනිත් උන් හිතාවි
මම උඹේ
තොල කනවැයි කියලා

ඩ්‍රැයිවර් මහත්තයා!

හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා
යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා
තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා
හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා