නිකමට හිතෙනා. . . සවනට වැටෙනා. . . දෑසින් දකිනා. . . මවිසින් විඳිනා. . . Full අමුවෙන් [Explicit Content]
Friday, November 11, 2011
පිණි බිදක්
වැස්සකට පිං සිද්ධ වන්නට
තෘණ මතට වන් පිණි බිඳක්
බැස යනවු හිරු දෙස බලයි
තුටු වෙමින් ඉන්නට වැඩි කලක්...
හිරු බැලූ කල ඊට මෙහයින්
පෙනුනි ලස්සන සුදු මලක්...
බලා සිටිමුත් වැටෙන තුරු ලඟ
පැයකටත් වැඩි කාලයක්
අවසානෙ මල බිමට වැටුනයි
විසිරමින් පිණි බිඳ හඩත්...
Monday, November 7, 2011
කෝච්චි කතාව
කොටුව දුම්රිය නැවතුමේ සිට
පෙට්ටි ටික තනිකර දමා
ඉවත යයි එලි නිවා එංජිම
දොම්නසට සුසුමක් හෙලා...
තමන් සමගම සිටි සිරිස දෙස
බලා සුසුමක් නොම හෙලා
පෙට්ටි ටික නතරව සිටියි මග
හැරෙන තුරු හිස කඳ සොයා...
නැවත හැරවූ හිස ඇදී එයි
සිනා සරමින් එලි දරා
පසුපසට ගොස් එක්වුනයි යලි
යන්න උඩරට කඳු බලා...
Friday, September 30, 2011
ඕහ්.. කවි
යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙන
දයානුකම්පිත සාර සොබාවේ අග තැන
මඩැති වගුරක වුව පෙම් මදිරා පුරවන
බොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට?
හුප්පලවන්නා
පර්ම් ටින්ට් කර කේසය කොට කරනා
ළැම පුම්බා වටොරට සැප පුරවන්නා
තුරඟ ලතා තාලෙට සොක පුලවන්නා
අරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා?
Tuesday, May 10, 2011
කවියෝ
වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයා
නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා
කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා
හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා
නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා
කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා
හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා
Friday, February 25, 2011
අලුත් ප්‍රාදේශිය සභා අපේක්ෂිකාවට
මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ
Tagging
චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා
Sunday, February 13, 2011
Sunday, January 30, 2011
රූපේ
තමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . .
හතර වටෙන්
එකම ඇඳුමෙන්
එක එක ඇඳුමෙන්
කලු සුදු පාටින් ෆොටෝ දමයි. .
තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .
හෙන ඈතින්
තවත් කට්ටිය එක්ක
කාලෙකකට පාරක්
අහක බලන් ෆොටෝ දමයි. .
හතර වටෙන්
එකම ඇඳුමෙන්
එක එක ඇඳුමෙන්
කලු සුදු පාටින් ෆොටෝ දමයි. .
තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .
හෙන ඈතින්
තවත් කට්ටිය එක්ක
කාලෙකකට පාරක්
අහක බලන් ෆොටෝ දමයි. .
Thursday, January 20, 2011
Thursday, January 13, 2011
ප්‍රවෘත්ති
පාලකයන්
බෙරිහන් දෙයි. . .
මිනිසුන්
විලාප දෙයි. . .
විප්ලවවාදීන්
කෑ මොර දෙයි. . .
ක්‍රීඩකයින්
ප්ලේන් එකෙන් යයි. . .
නිවේදකයන්
ආයුබෝවන් කියයි. . .
බෙරිහන් දෙයි. . .
මිනිසුන්
විලාප දෙයි. . .
විප්ලවවාදීන්
කෑ මොර දෙයි. . .
ක්‍රීඩකයින්
ප්ලේන් එකෙන් යයි. . .
නිවේදකයන්
ආයුබෝවන් කියයි. . .
සාපේක්ෂ මහමෙර
එය මට මහමෙරක් නොවන මුත් මට එය ඊටත් වටී ඔබට එය මහමෙරක් නිසා. ඔබ මෙය විසඳීමට තතනයි. වැරදි උත්තර ගනියි. ඔලුවේ අතගසා ගමි. ලෙහෙසියි. මට එය වටින්නේ ඔබ නිසා. ඔබෙන් නිසා. ඔබට නිසා. නැතහොත් එය මට ගිණිය යුත්තක් නොවේ. ඔබ නිසාවෙන්ම මම එයින් ආහ්ලාදයට පත්වෙමි.
ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.
අහ්... ලබන වසරේ සිට උ/පෙ විභාග ප්‍රශ්න සාපේක්ෂව ලෙහෙසි කරන්නැයි අදාල ඇමති නියෝගයක්! හෙහ්... උටත් මේකම හිතිලා.
ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.
අහ්... ලබන වසරේ සිට උ/පෙ විභාග ප්‍රශ්න සාපේක්ෂව ලෙහෙසි කරන්නැයි අදාල ඇමති නියෝගයක්! හෙහ්... උටත් මේකම හිතිලා.
මාලු නසී
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා කියලා කිව්වට මාලු නහින්නේ කට හින්දම විතරක් නෙමෙයි. උන් පීනන විදිහ වැරදුනාමත් නහිනවා. වැරදි අඩවියකට ගියාමත් නහිනවා. ඒ නිසා තමුන්ට කෙල වෙන හැම උලව්වටම කටට බනින එක වැරදියි!
පෙරදින රැය
අහෝ...
පෙරදින රැයේ
ඔබත් සමග මැවූ සිහින
ඵලදරවන්නට ඇත්නම්...
කිටිකිටියේ
වැලඳගන්නට
ඒ උණුසුමෙන් පහරක් ගසමු එක්ව
මේ ගිනි සීතලට
නමුත් සොඳුර
ඔබ ලකුණු තනමින් සිටී..
ගෙවැසියන්ද නොසෙල්වේ
මා සීතලේ වීඩියෝ පහස ලබමි...
අහෝ
වීඩියෝවට වඩා
පෙරදින රැය
කෙතරම් සුන්දරද...?
පෙරදින රැයේ
ඔබත් සමග මැවූ සිහින
ඵලදරවන්නට ඇත්නම්...
කිටිකිටියේ
වැලඳගන්නට
ඒ උණුසුමෙන් පහරක් ගසමු එක්ව
මේ ගිනි සීතලට
නමුත් සොඳුර
ඔබ ලකුණු තනමින් සිටී..
ගෙවැසියන්ද නොසෙල්වේ
මා සීතලේ වීඩියෝ පහස ලබමි...
අහෝ
වීඩියෝවට වඩා
පෙරදින රැය
කෙතරම් සුන්දරද...?
ජාතික සිරස්තල
දේශීය
විදේශීය
ක්‍රීඩා
- උපාධිදාරීන්ට රැකියා අවස්ථා දස ලක්ෂයක්
- අගමැතිගේ මැදවච්චි සංචාරය
- සහනදායී ආර්ථිකයක් වෙනුවෙන් කැබිනට් මණ්ඩල කමිටු රැස්වෙයි.
විදේශීය
- ඇමරිකාවේ ආර්ථික අර්බුධ
- චීන රජයෙන් අපගේ ඇමති මණ්ඩලය සාදරයෙන් පිලිගනී.
ක්‍රීඩා
- ක්‍රීඩා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රීඩාංගන තුනකටම මුල්ගල්
Tuesday, January 4, 2011
පොල්ද හොයන්නේ!
ආනේ එන්න එන්න
පොඩ්ඩක් වමට කපලා ගන්න
නැවට තව තෙල් ටිකකුත් ගහගෙනම යමුද?
එතකං බිත්තර නැති ඔම්ලට් එකක් කමුද?
ආනේ පොල්ද හොයන්නේ!
ඔහොම්ම යන්න කේරලේට.
පොඩ්ඩක් වමට කපලා ගන්න
නැවට තව තෙල් ටිකකුත් ගහගෙනම යමුද?
එතකං බිත්තර නැති ඔම්ලට් එකක් කමුද?
ආනේ පොල්ද හොයන්නේ!
ඔහොම්ම යන්න කේරලේට.
Subscribe to:
Posts (Atom)