Friday, November 11, 2011

පිණි බිදක්

0 ක් මෙහෙම කියලා

වැස්සකට පිං සිද්ධ වන්නට
තෘණ මතට වන් පිණි බිඳක්
බැස යනවු හිරු දෙස බලයි
තුටු වෙමින් ඉන්නට වැඩි කලක්...

හිරු බැලූ කල ඊට මෙහයින්
පෙනුනි ලස්සන සුදු මලක්...

බලා සිටිමුත් වැටෙන තුරු ලඟ
පැයකටත් වැඩි කාලයක්
අවසානෙ මල බිමට වැටුනයි
විසිරමින් පිණි බිඳ හඩත්...

Monday, November 7, 2011

කෝච්චි කතාව

2 ක් මෙහෙම කියලා
කොටුව දුම්රිය නැවතුමේ සිට
පෙට්ටි ටික තනිකර දමා
ඉවත යයි එලි නිවා එංජිම
දොම්නසට සුසුමක් හෙලා...

තමන් සමගම සිටි සිරිස දෙස
බලා සුසුමක් නොම හෙලා
පෙට්ටි ටික නතරව සිටියි මග
හැරෙන තුරු හිස කඳ සොයා...

නැවත හැරවූ හිස ඇදී එයි
සිනා සරමින් එලි දරා
පසුපසට ගොස් එක්වුනයි යලි
යන්න උඩරට කඳු බලා...

Friday, September 30, 2011

ඕහ්.. කවි

0 ක් මෙහෙම කියලා

යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙන
දයානුකම්පිත සාර සොබාවේ අග තැන
මඩැති වගුරක වුව පෙම් මදිරා පුරවන
බොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට?

හුප්පලවන්නා

0 ක් මෙහෙම කියලා

පර්ම් ටින්ට් කර කේසය කොට කරනා
ළැම පුම්බා වටොරට සැප පුරවන්නා
තුරඟ ලතා තාලෙට සොක පුලවන්නා
අරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා?

Tuesday, May 10, 2011

කවියෝ

1 ක් මෙහෙම කියලා
වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයා
නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා
කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා
හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා

Friday, February 25, 2011

අලුත් ප්‍රාදේශිය සභා අපේක්ෂිකාවට

3 ක් මෙහෙම කියලා
මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ

Tagging

1 ක් මෙහෙම කියලා
චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා