Sunday, January 30, 2011

Box

යන්න ගේකුත් තිබේනම්
ඉන්න ඇඳකුත් තිබේනම්
කිම බොක්ස් වල ලගින්නේ
මංමුලා වූ එවුන් සේ. . .

රූපේ

තමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . .
හතර වටෙන් 
එකම ඇඳුමෙන්
එක එක ඇඳුමෙන්
කලු සුදු පාටින් ෆොටෝ දමයි. .


තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .
හෙන ඈතින්
තවත් කට්ටිය එක්ක
කාලෙකකට පාරක්
අහක බලන් ෆොටෝ දමයි. .

අත්හදාබලමින් සිටිමි!

සිතුවිල්ලක් තුරන් කිරීමට වඩා සිතුවිලෙන් තුරන් වීම පහසුයි.

Thursday, January 20, 2011

නෙතඟ සිනහවකින්
මා හිරිවට්ටා
එලිපෙහිලි කල පපුවේ
කැටයම් කොටයි ඈ...

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
     බෙර ගසන්නට.
කොම්පියුටර් ඇත
     ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
     ළමයි හදන්නට...

තේරවිල්ල

වැඩිවෙන වැඩිවෙන
සීයට
ගැලවෙන ගැලවෙන
රෙදි යාර

A/C බස්

හප්පා..
මේ මුළු දෙකේ
පල් ගඳ!

උගුරත් වේලිලා

මේ පරදේසක්කාරයන්ට
බැනලා උගුරුත් වේලිලා
යමං නාසි එකක් කාලා
බියර් එකක් ගහන්න.

Thursday, January 13, 2011

ප්‍රවෘත්ති

පාලකයන්
      බෙරිහන් දෙයි. . .

මිනිසුන්
      විලාප දෙයි. . .

විප්ලවවාදීන්
      කෑ මොර දෙයි. . .

ක්‍රීඩකයින්
      ප්ලේන් එකෙන් යයි. . .

නිවේදකයන්
      ආයුබෝවන් කියයි. . .

සාපේක්ෂ මහමෙර

එය මට මහමෙරක් නොවන මුත් මට එය ඊටත් වටී ඔබට එය මහමෙරක් නිසා. ඔබ මෙය විසඳීමට තතනයි. වැරදි උත්තර ගනියි. ඔලුවේ අතගසා ගමි. ලෙහෙසියි. මට එය වටින්නේ ඔබ නිසා. ඔබෙන් නිසා. ඔබට නිසා. නැතහොත් එය මට ගිණිය යුත්තක් නොවේ. ඔබ නිසාවෙන්ම මම එයින් ආහ්ලාදයට පත්වෙමි.

ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.

අහ්... ලබන වසරේ සිට උ/පෙ විභාග ප්‍රශ්න සාපේක්ෂව ලෙහෙසි කරන්නැයි අදාල ඇමති නියෝගයක්! හෙහ්... උටත් මේකම හිතිලා.

මාලු නසී

මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා කියලා කිව්වට මාලු නහින්නේ කට හින්දම විතරක් නෙමෙයි. උන් පීනන විදිහ වැරදුනාමත් නහිනවා. වැරදි අඩවියකට ගියාමත් නහිනවා. ඒ නිසා තමුන්ට කෙල වෙන හැම උලව්වටම කටට බනින එක වැරදියි!

පෙරදින රැය

අහෝ...
පෙරදින රැයේ
ඔබත් සමග මැවූ සිහින
ඵලදරවන්නට ඇත්නම්...

කිටිකිටියේ
වැලඳගන්නට
ඒ උණුසුමෙන් පහරක් ගසමු එක්ව
මේ ගිනි සීතලට

නමුත් සොඳුර
ඔබ ලකුණු තනමින් සිටී..
ගෙවැසියන්ද නොසෙල්වේ
මා සීතලේ වීඩියෝ පහස ලබමි...

අහෝ
වීඩියෝවට වඩා
පෙරදින රැය
කෙතරම් සුන්දරද...?

ජාතික සිරස්තල

දේශීය

  • උපාධිදාරීන්ට රැකියා අවස්ථා දස ලක්ෂයක්
  • අගමැතිගේ මැදවච්චි සංචාරය
  • සහනදායී ආර්ථිකයක් වෙනුවෙන් කැබිනට් මණ්ඩල කමිටු රැස්වෙයි.


විදේශීය

  • ඇමරිකාවේ ආර්ථික අර්බුධ
  • චීන රජයෙන් අපගේ ඇමති මණ්ඩලය සාදරයෙන් පිලිගනී.


ක්‍රීඩා

  • ක්‍රීඩා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රීඩාංගන තුනකටම මුල්ගල්

Tuesday, January 4, 2011

පොල්ද හොයන්නේ!

ආනේ එන්න එන්න
පොඩ්ඩක් වමට කපලා ගන්න
නැවට තව තෙල් ටිකකුත් ගහගෙනම යමුද?
එතකං බිත්තර නැති ඔම්ලට් එකක් කමුද?
ආනේ පොල්ද හොයන්නේ!
ඔහොම්ම යන්න කේරලේට.