Friday, February 25, 2011

අලුත් ප්‍රාදේශිය සභා අපේක්ෂිකාවට

මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
හිනාවෙයන් මනාප පුරවාන වටේ

Tagging

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා
ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා
හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා
ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

Sunday, February 13, 2011

වැළා

අනිත් දවස් තුන්සිය හැට හතරෙම
වෙඩින් නටන අපි
අද විතරක් අහක බලං
වැළන්ටයින් එක්ක ගේමට