Friday, October 8, 2010

නැගිටිය යුතුය

හිසක ගසාගත් දකුණතකි
මහපටැඟිල්ලෙන් කුඩා මොළය උත්තේජනය වෙයි
වමත දරාගත් සෙලියුලර් ෆෝනයකි
නිරුවත වැසූ සරමේ රැළි
විදුලි පවන් සමග දඟ කරයි. ..

සිතුවෙමි. . .
තව තවද සිතුවෙමි. . .
එක පෙලට සිදුවන වැටීම්

බීමෙන් පලක් නැත
නැගිටිය යුතුය
කෙසේ හෝ නැගිටිය යුතුය
තණ පතේ හෝ එල්ලිය යුතුය. . .


මැරෙන්නට තවත් කල් ඇත
ඉන් මද වේලාවක් නැගිටින්නට යොමු කරමි.

No comments:

Post a Comment