Monday, April 12, 2010

ලස්සන කෝලං අඹය

ජනපතිවරණ සහ මහමැතිවරණ කටේ රටම ලස්සන කරන්න දඟලති.

පලාත් සභා සහ ප්‍රාදේශීය සභා අතලඟ වනවිට ඒ ඒ පැති ලස්සන කරන්න දඟලති.

අන්තිමේ ලස්සන කරගන්න බැරි කල මොඩ් කරති.මොඩ් කල බව රටටම කියති.

එයත්, නියපොතු අස්සේ කුණු වහන්න කියුටෙක්ස් ගෑම වැනිය.

කෙටියෙන් කීමට උවමනා වූයේ, මා දැනට ජීවත් වන කොළඹ ලස්සන කරන හැටිය.

රැල් රැල් භූතයින් මෙන් පෙනෙන කොඩි වැල්, දත් විලිස්සාගත්, ගැඹුරු චින්තනයක සිටින, ලෝකේ දිනෝලා පස්සේ රට දිනවන්න ආපු හැමෝගෙම පෝස්ටර්, දැන්වීම් පුවරුවේ ඇරෙන්න අනිත් හැම තැනම ඇලවෙන ෆිල්ම් පෝස්ටර්, දිනුවට පස්සේ ස්තුතියට ගහන පෝස්ටර්, පැරදුනත් අමතක නොකරන පෝස්ටර් යනාදී මෙකී නොකී හැම හත්ඉලව් පෝස්ටරයක් සහ කටවුටයක්ම ඉවත් උනානං කොළඹේ හැඩය කියා නිමකල නොහැක.

ලස්සන කෙසේ වෙතත් කොළඹ එළු රැළගේ අධිපෝෂණ තත්වය ගැණවත් සලකා බලා මෙය ක්‍රියාත්මක කරන මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලමි.

තවද අදාල බළධාරීන් සිංහල යුනිකේත ගැණ නොදන්න බැවින්, දන්නා අයෙකු පැහැදිලි කර දෙන මෙන්ද ඉල්ලමි.

3 comments: