Sunday, April 25, 2010

මමයි ලොක්කා

1990 දි
මම මේ පාරට ආවා. . .
ගෙවල් පහක් තිබ්බා

2000 වෙනකන්
සමහරු ගියා
සමහරු ආවා
ආගිය උං මට ආදරේ කලා
ඒ පවුල් වල පොඩිහිටියෝ
මගෙත් එක්ක සෙල්ලං කලා. . .

2004 සාපෙ ලිව්වා
පාරට ගෙවල් දහතුනයි දැන්
මමයි පාරේ ලොක්කා
දැන් පොඩි බච්චෝ සෙල්ලං කරනහැටි
බලං ඉන්නවා

පාරේ කොනට වෙන්න
තට්ටු තුනේ ගෙයක් හදලා
පෙරේදයි දැක්කේ
මම ලොක්කනේ

තාමත් අපේ පැත්තට කියන්නේ
"අලුත් ගෙවල් පහ"
ඒත් අද මම ලොක්කා

No comments:

Post a Comment