Saturday, April 10, 2010

පෙට්ටි කඩ

ටොරිංටන් හෝල්ට් එක ඉස්සරහා පැත්තේ ඇතුලට යන පාරේ තියෙන පෙට්ටි කඩ දෙකේම කෑම මරු.වැලි තලප, අග්ගලා, හැලප ඕන එකක්.මම හැමදාම හවසට කාලා කහට එකක් බොනවා.

එහෙමත් නැත්තං බ්‍රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා,බගතලේ පාර පැත්තට වෙන්න තියෙනවා තවත් පෙට්ටි කඩයක්.ඒකේ ඉඳිආප්ප මුල්, කඩල එහෙමත් මරු!

නැත්තං බම්බලපිටියේ ක්වීන්ස් කැෆේ එක ගාව බත් පැකට් තියෙනවා මාර රහයි! දවල්ට වගේම උදේටත්!

හැබැයි විහාරමහාදේවි පාක් එක ලඟින් නං මොකුත් ගන්න එපා පෙට්ටි කඩ වලින්! හරිම පරණයි කෑම!

තවත් දැනගන්න නං,මම වගේම පෙට්ටි කඩ ලෝලියෝ වන ආගන්තුකයා හෝ මගේ මරණය සම්බන්ධ කරගන්න.

5 comments:

  1. හොඳට සබන් දාලා, අත් දෙකයි,වීදුරුවයි හෝදල, ඕනෙ ම කුණු පෙට්ටි කඩේකින් කන්න මටත් තියෙන්නෙ මාර ආසාවක්..කාරෙක ටිකක් ඇතින් නවත්තලා ඈවිත්, පකිස් පෙට්ටියක් උඩ වාඩිවෙලා කනකොට දැනෙන්නෙ මාර ගතියක්...!!

    ReplyDelete
  2. ටොරින්ටන් එක ඉස්සරහ පෙට්ට් කඩේ ගැන නම් මාත් කියන්න දන්නවා මචන්

    ReplyDelete
  3. මොරටු කොල්ලො ඔක්කොම එක වගේ ද මන්දා...

    ReplyDelete
  4. අම්මේ ඔව්.. කොළඹ පෙට්ටි කඩ හොඳයි අනික් එව්වට වඩා.. මටත් පොඩි පොඩි අත්දැකීම් තියෙන ‍හින්දා කියන්නේ.. තව කඩයක් තියෙනවා කොල්ලුපිටියේ ලකී ප්ලාසා එක ඉස්සරහා.. මම ඒ හරියේ වැඩ කරපු දවස් වල හැමදාම එතනින් තෝසේ කනවා.. යම් යම් බං.. :)

    ReplyDelete