Friday, October 8, 2010

නැගිටිය යුතුය

හිසක ගසාගත් දකුණතකි
මහපටැඟිල්ලෙන් කුඩා මොළය උත්තේජනය වෙයි
වමත දරාගත් සෙලියුලර් ෆෝනයකි
නිරුවත වැසූ සරමේ රැළි
විදුලි පවන් සමග දඟ කරයි. ..

සිතුවෙමි. . .
තව තවද සිතුවෙමි. . .
එක පෙලට සිදුවන වැටීම්

බීමෙන් පලක් නැත
නැගිටිය යුතුය
කෙසේ හෝ නැගිටිය යුතුය
තණ පතේ හෝ එල්ලිය යුතුය. . .


මැරෙන්නට තවත් කල් ඇත
ඉන් මද වේලාවක් නැගිටින්නට යොමු කරමි.

Wednesday, October 6, 2010

වඳින්න කැළණි විහාරේ

සුදු ඇඳලා
බිම බලාගෙන
මල් අතේ අරං

සුදු හැට්ටේ අත් කපලා
හොරැහින් උඩ බලන්
මල් පෙති කොනහා කොනහා

උපාසිකාවෝ පෝලිමක්
කැලැණි විහාරේ

හැන්ගෙමු

අපි හැන්ගෙමු
මොකෙක්වත් නො එන
තැනක

කතා කරමු
අපේ අහින්සක
අනාගතේ ගැන

අනිත් උන් හිතාවි
මම උඹේ
තොල කනවැයි කියලා

ඩ්‍රැයිවර් මහත්තයා!

හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා
යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා
තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා
හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා

Sunday, September 12, 2010

විභාග බිය

ඇඳක් උඩ දපා, බත් පිඟානක් දෙකක් ගිල දමා, සේකර කියවා, මලක් කඩා අතිශය මනෝ ලොවක සිටීමත් ඉතාමත් මහන්සියක් සිරුරට ගෙන දෙයි. ඒ හෙටත් කරගසන්නට සිදුවන අනුන් හදන ප්‍රශ්න වලට හොරාට උත්තර හෙවීම සිහිපත් වූ පසුය. කොපි කරන්නත් විෂය දත යුතු ලොවක අනුන් හදන ප්‍රශ්න විසඳන්නේ කෙසේද හදිසියේ, මා අතැතිවද මිටියක් ප්‍රශ්න ඇති කල.

Saturday, June 26, 2010

පාහර කල්ලිය

එකෙක් හැදුවා කල්ලියක්. හොයාගත්තා තුවක්කුවක් දෙකක්. මෙන්න හොයපි විමුක්තිය! හැම විරුද්ධ මතයක්ම මරා දදා. කට්ටිය ඌට වඳිනවලු. ඌ චේ වගේලු. චේට කොහෙන්ද යකෝ එහෙව් වස්තුව. වැරදි පාරේ හරියට ගිය බුද්ධිමත් කමක් නැති උගත් පාහර බල්ලා. වද විඳලා මැරුනේ ඌ හොඳ වෙලාවට. මගේ මාමට වෙඩි තියපු පාහර පට්ට වේසිගේ පුතාට අනින්න කියලා පොඩි මම හොයාගත්තු පිහිය තාමත් මගේ ලඟ!

Friday, May 14, 2010

සහයෝගීතාවය

කට්ටියක් එක්ව ත්‍රස්තවාදය තුරන් කල අතර, තවත් පිරිසක් එය විකුණූහ. ඒ අතර විකුණූ දෙය මිලට ගෙන තව පිරිසක් උස් තැන් වලට පත්වූ අතර ඒ සතුට නිසා මහත් පිරිසක් කිරිබත් උයන ලද අතර ඒ කිරිබත් අතිමහත් පිරිසක් රස කර කෑහ. සසිරිබර මෙසිරිලකේ එය සහයෝගීතාවය නමින් හඳුන්වයි!