Sunday, January 30, 2011

Box

යන්න ගේකුත් තිබේනම්
ඉන්න ඇඳකුත් තිබේනම්
කිම බොක්ස් වල ලගින්නේ
මංමුලා වූ එවුන් සේ. . .

රූපේ

තමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . .
හතර වටෙන් 
එකම ඇඳුමෙන්
එක එක ඇඳුමෙන්
කලු සුදු පාටින් ෆොටෝ දමයි. .


තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .
හෙන ඈතින්
තවත් කට්ටිය එක්ක
කාලෙකකට පාරක්
අහක බලන් ෆොටෝ දමයි. .

අත්හදාබලමින් සිටිමි!

සිතුවිල්ලක් තුරන් කිරීමට වඩා සිතුවිලෙන් තුරන් වීම පහසුයි.

Thursday, January 20, 2011

නෙතඟ සිනහවකින්
මා හිරිවට්ටා
එලිපෙහිලි කල පපුවේ
කැටයම් කොටයි ඈ...

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
     බෙර ගසන්නට.
කොම්පියුටර් ඇත
     ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
     ළමයි හදන්නට...

තේරවිල්ල

වැඩිවෙන වැඩිවෙන
සීයට
ගැලවෙන ගැලවෙන
රෙදි යාර

A/C බස්

හප්පා..
මේ මුළු දෙකේ
පල් ගඳ!