නිකමට හිතෙනා. . . සවනට වැටෙනා. . . දෑසින් දකිනා. . . මවිසින් විඳිනා. . . Full අමුවෙන් [Explicit Content]
Friday, May 14, 2010
සහයෝගීතාවය
කට්ටියක් එක්ව ත්‍රස්තවාදය තුරන් කල අතර, තවත් පිරිසක් එය විකුණූහ. ඒ අතර විකුණූ දෙය මිලට ගෙන තව පිරිසක් උස් තැන් වලට පත්වූ අතර ඒ සතුට නිසා මහත් පිරිසක් කිරිබත් උයන ලද අතර ඒ කිරිබත් අතිමහත් පිරිසක් රස කර කෑහ. සසිරිබර මෙසිරිලකේ එය සහයෝගීතාවය නමින් හඳුන්වයි!
Sunday, April 25, 2010
මමයි ලොක්කා
1990 දි
මම මේ පාරට ආවා. . .
ගෙවල් පහක් තිබ්බා
2000 වෙනකන්
සමහරු ගියා
සමහරු ආවා
ආගිය උං මට ආදරේ කලා
ඒ පවුල් වල පොඩිහිටියෝ
මගෙත් එක්ක සෙල්ලං කලා. . .
2004 සාපෙ ලිව්වා
පාරට ගෙවල් දහතුනයි දැන්
මමයි පාරේ ලොක්කා
දැන් පොඩි බච්චෝ සෙල්ලං කරනහැටි
බලං ඉන්නවා
පාරේ කොනට වෙන්න
තට්ටු තුනේ ගෙයක් හදලා
පෙරේදයි දැක්කේ
මම ලොක්කනේ
තාමත් අපේ පැත්තට කියන්නේ
"අලුත් ගෙවල් පහ"
ඒත් අද මම ලොක්කා
ප්‍රශ්න
මූසල උදයක්
වැස්සක් එනෝ නෝඑනෝ. . .
ගෑණිත් ලඟක නැති
ප්‍රශ්ණ කඳු පිරිච්ච
ඔළු කට්ට. . .
මේසෙට තියාගෙන
කල්පනා කරේ
උත්තරයක් ලියාගන්න අමාරු
ප්‍රශ්න කඳු
ඉවර වෙච්ච
ගෑණිත් එක්ක නිදහසේ
ඉන්න පුලුවන්
මතුදා කවදාද?
Monday, April 19, 2010
සඳුදා
පාළුය. . .
නින්දත් යයි. .
සැමදා මෙන් සැමවෙලේම බඩගින්නද ඇත.
හිත් හිරිවැටී ඇත්දෝයි හැඟේ. .
සීයා කෙනෙකුට අසාධ්‍යය
හිතවත් ආගන්තුකයා.. . ...... ...ලියාගන්නට දෙයක් නොමැත
මට හෙට විභාගයකි. . .
මැරියන් එක්ක කතාවකටවත් වෙලාවක් නැත.
අතිජාතයෙකු බයිසිකලෙන් වැටී ඉස්පිරිතාලේය.
රෑ දහයට පාඩම් කරමි
ආගා ජංගමය ක්‍රියා විරහිත කරය.
මැරියන්ද මා අමතන තෙක් බලාහිඳිනවා විය හැක.
සඳුදා පට්ට මොන්ගල් දවසකි!
Monday, April 12, 2010
ලස්සන කෝලං අඹය
ජනපතිවරණ සහ මහමැතිවරණ කටේ රටම ලස්සන කරන්න දඟලති.
පලාත් සභා සහ ප්‍රාදේශීය සභා අතලඟ වනවිට ඒ ඒ පැති ලස්සන කරන්න දඟලති.
අන්තිමේ ලස්සන කරගන්න බැරි කල මොඩ් කරති.මොඩ් කල බව රටටම කියති.
එයත්, නියපොතු අස්සේ කුණු වහන්න කියුටෙක්ස් ගෑම වැනිය.
කෙටියෙන් කීමට උවමනා වූයේ, මා දැනට ජීවත් වන කොළඹ ලස්සන කරන හැටිය.
රැල් රැල් භූතයින් මෙන් පෙනෙන කොඩි වැල්, දත් විලිස්සාගත්, ගැඹුරු චින්තනයක සිටින, ලෝකේ දිනෝලා පස්සේ රට දිනවන්න ආපු හැමෝගෙම පෝස්ටර්, දැන්වීම් පුවරුවේ ඇරෙන්න අනිත් හැම තැනම ඇලවෙන ෆිල්ම් පෝස්ටර්, දිනුවට පස්සේ ස්තුතියට ගහන පෝස්ටර්, පැරදුනත් අමතක නොකරන පෝස්ටර් යනාදී මෙකී නොකී හැම හත්ඉලව් පෝස්ටරයක් සහ කටවුටයක්ම ඉවත් උනානං කොළඹේ හැඩය කියා නිමකල නොහැක.
ලස්සන කෙසේ වෙතත් කොළඹ එළු රැළගේ අධිපෝෂණ තත්වය ගැණවත් සලකා බලා මෙය ක්‍රියාත්මක කරන මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලමි.
තවද අදාල බළධාරීන් සිංහල යුනිකේත ගැණ නොදන්න බැවින්, දන්නා අයෙකු පැහැදිලි කර දෙන මෙන්ද ඉල්ලමි.
Saturday, April 10, 2010
පෙට්ටි කඩ
ටොරිංටන් හෝල්ට් එක ඉස්සරහා පැත්තේ ඇතුලට යන පාරේ තියෙන පෙට්ටි කඩ දෙකේම කෑම මරු.වැලි තලප, අග්ගලා, හැලප ඕන එකක්.මම හැමදාම හවසට කාලා කහට එකක් බොනවා.
එහෙමත් නැත්තං බ්‍රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා,බගතලේ පාර පැත්තට වෙන්න තියෙනවා තවත් පෙට්ටි කඩයක්.ඒකේ ඉඳිආප්ප මුල්, කඩල එහෙමත් මරු!
නැත්තං බම්බලපිටියේ ක්වීන්ස් කැෆේ එක ගාව බත් පැකට් තියෙනවා මාර රහයි! දවල්ට වගේම උදේටත්!
හැබැයි විහාරමහාදේවි පාක් එක ලඟින් නං මොකුත් ගන්න එපා පෙට්ටි කඩ වලින්! හරිම පරණයි කෑම!
එහෙමත් නැත්තං බ්‍රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා,බගතලේ පාර පැත්තට වෙන්න තියෙනවා තවත් පෙට්ටි කඩයක්.ඒකේ ඉඳිආප්ප මුල්, කඩල එහෙමත් මරු!
නැත්තං බම්බලපිටියේ ක්වීන්ස් කැෆේ එක ගාව බත් පැකට් තියෙනවා මාර රහයි! දවල්ට වගේම උදේටත්!
හැබැයි විහාරමහාදේවි පාක් එක ලඟින් නං මොකුත් ගන්න එපා පෙට්ටි කඩ වලින්! හරිම පරණයි කෑම!
තවත් දැනගන්න නං,මම වගේම පෙට්ටි කඩ ලෝලියෝ වන ආගන්තුකයා හෝ මගේ මරණය සම්බන්ධ කරගන්න.
Subscribe to:
Posts (Atom)