Friday, November 11, 2011

පිණි බිදක්


වැස්සකට පිං සිද්ධ වන්නට
තෘණ මතට වන් පිණි බිඳක්
බැස යනවු හිරු දෙස බලයි
තුටු වෙමින් ඉන්නට වැඩි කලක්...

හිරු බැලූ කල ඊට මෙහයින්
පෙනුනි ලස්සන සුදු මලක්...

බලා සිටිමුත් වැටෙන තුරු ලඟ
පැයකටත් වැඩි කාලයක්
අවසානෙ මල බිමට වැටුනයි
විසිරමින් පිණි බිඳ හඩත්...

Monday, November 7, 2011

කෝච්චි කතාව

කොටුව දුම්රිය නැවතුමේ සිට
පෙට්ටි ටික තනිකර දමා
ඉවත යයි එලි නිවා එංජිම
දොම්නසට සුසුමක් හෙලා...

තමන් සමගම සිටි සිරිස දෙස
බලා සුසුමක් නොම හෙලා
පෙට්ටි ටික නතරව සිටියි මග
හැරෙන තුරු හිස කඳ සොයා...

නැවත හැරවූ හිස ඇදී එයි
සිනා සරමින් එලි දරා
පසුපසට ගොස් එක්වුනයි යලි
යන්න උඩරට කඳු බලා...